කලියුගයේ දේශප්‍රේමීන්.
දකුණු පළාත් සභා මැතිවරණයේ අවසන් දින කිපය ක්‍රමයෙන් ළගා වෙද්දී අපේක්ෂකයන්ගේ විර ක්‍රියා , චන්ඩි කම් මෙන්ම අදෝනා දුක් ගැනවිලිද උදේ හවස දකින්නට අසන්නට ලැබෙන්නේ වෙනදාට වඩා වෙනස් ආකාරයෙනි. ඒ දැන් දැන් දකුනේ ඡන්ද වේදිකාවේ හටගෙන ඇති අළුත්ම ආකාරයේ තරගය නිසාය. ඒ හොදම දේශප්‍රේමීයා තමන් බව පෙන්වීමේ තරගයයි. එනම් දකුණේ දේශප්‍රේමී ස්ටාර්ස් තමා බව දකුණේ අපට පෙන්වන්නටය.
දකුණේ මිනිසුන් දකුනේ කමට දුන් ඡන්දයෙන් ජනාධිපති වී දකුණ අමතක කර “පරම්පරාව” පෝෂණය කළ මහින්ද දැන් දකුණට ඇවිත් කියන්නේ තමා විසින් එක්සත් ජනතා නිදහස් සංධානයෙන් දකු ණට දේශප්‍රේමින් පිරිසක් ඉදිරිපත් කර ඇති බවත් එනිසා ඔව්න්ට අපගේ ඡන්දය දෙන්නටත් කියාය.
මහින්ද දේශප්‍රේමියෙකි.එසේ කියන්නේ අප නොව මහින්දමය.තමා දේශප්රේමියෙකැයි කියමින් සන්ධාන අපේක්ෂකයාද දේශප්‍රේමින් බව අපට උගන්වන මහින්ද දේශප්‍රේමියා , දේශද්‍රෝහියා වෙන්කරන්න ඉතා හපනෙකි. දකුණෙන්ද එසේ හොද විරයින් පිරිසක් මහින්ද තොරාගෙන ඇත්තේ ඔව්න්ගේ සුදුසුකම් නිසාම වෙන්නට ඇත.
දකුණේ නොම්මර එකේ දේශප්‍රේමියා ගාල්ලෙන් ඉදිරිපත් කර ඇත.
ඒ එදා මෙදා තුර ලංකාවේ පහලවු ලොකුම සුදු කරපටි අපරාධ කරුවාය.කොටින්ම කියතොත් ලොකුම හොරාය. එයම හොද දේශප්‍රේමියෙකු සතු ලක්ෂණයක් ලෙස මහින්ද සලකන්නට ඇත.
දෙවැන්නා මාතරින් එළවා ගාල්ලට සරනාගත වූ කාම ලොවේ රැජින ලෙස කිරුළු පලන් ගැහැණුකම නොදත් ගැහැනියක් වුවත් ඇය දේශප්‍රේමියෙක් බව මහින්දට වැටහෙන්නට ඇත්තේ හරියට සිංහලවත් කථාකරගන්න බැරි නිසා විය හැකිය.
පිස්සෙකු වීමට අමතරව ඔහු සතු අත් දෙකින්ම වෙඩි තැබිමේ හැකියාවද කුණු හරුප කීමේ දස්කමද ගැන සැලකූ මහින්ද ඔහු දේශප්‍රේමින්ගේ නම් අතරට එකතු කරන්නට ඇත්තේ සතුටින් බවනම් පැහැදිළිය.
මහින්ද කවදත් පරම්පරාවට තැන දුන් අයෙකි. මහින්ද දකින විදියටනම් එය දේශ ප්‍රේමියෙකුගේ උසස්ම ගති ලක්ෂණයකි. මෙනිසා ඇමති පුතෙකුත් ගාල්ලෙන් ඉදිරිපත් කරන්නට අමතක නොකල මහින්ද ගාල්ලේ එක්සත් ජානතා නිදහස් සංධානයේ සුදුසුකම් ඇති නියමුවන් රැසක් කපා දමා මොහුට අවස්ථාව දුන්නේ තාත්තා ඇමති නිසාම වන්නට විය හැකිය.
හොරු, ඇමති පුතුන්,ගණිකාවන් , පිස්සන්ගෙන් පිරිගිය මහින්දගේ දේශප්‍රේමීන් අද ඡන්ද වේදිකාවල අමුතු පාට් දමන්නේ තමා හොදම දේශ ප්‍රේමියා බව පෙන්නා දකුනේ මිනිසුන් ගොනාට අන්දවා ඡන්ද ලබා ගන්නට හැකි යැයි සිතාගෙන විය හැකිය.
දකුණේ මිනිසුන් මේ කලියුගයේ දේශප්‍රේමින්ගේ ගේ වැඩ හොදින්ම දනිති. මහින්දද එය නොදන්නවා විය නොහැකිය. ඒ දකුණේ මිනිසුන් හැමදාම ගොනාට අන්දවන්න බැරි බවය.මෙවර දකුණේ අප ඡන්දය ගසන්නේ කාගේවත් කයිවාරු බයිලා වලට නොවන බව අප සිතා ගත්තේ නාම යෝජනා බාරදුන් දිනයේම මිසක් අද නොවේ. දතුණේ මිනිසුන්ට අපට අපේ ගමට වැඩක් කරන්න පුළුවන් ඔළුවක් තියෙන මිනිසුන් අප සොයා ගත යුතු බව අපට තේරුම් ගොස් හමාරය.
ඒ බව දකුනේ මිනිසුන් හොදින්ම දනිති. අප 10 වෙනිදා ඡන්දය දමන්නේ දකුණ බාර දිය යුත්තේ කාටද යන්න යලිත් වරක් නැවත නැවතත් සිතා බලාය. ඒ දකුණේ මිනිසුන්ගේ හැටිය.
No comments:
Post a Comment